Showing posts with label සාහිත්‍ය. Show all posts
Showing posts with label සාහිත්‍ය. Show all posts

මාසික සාහිත්‍ය සංවාදය..

තරංගා රණසිංහගේ
"මෙමා හැර  ලියෝ" 
කෙටි කතා සංග්‍රහය,
දෙසැම්බර් මස 03 වෙනි සිකුරාදා  
සවස 6 ට ලංකා අක්ෂයේදී....

ලංකා අක්ෂයෙන් සහ ගොඩගේ පොත් මැදුරෙන් පොත ලබා ගත හැක..

විමසීම්: 071-8107396(උපුල්)

මුවා මැරූ සලමන්

නිශ්ශංක විජේමාන්නගේ "මුවා මැරූ සලමන්" කෙටි කතා සංග්‍රහය පිළිබඳ පාඨක-විචාරක සංවාදයක් නොවැම්බර් 3 වැනිදා ප.ව.6.30 ට ලඬකා අක්ෂයේ දී පැවැත්වේ.
සාහිත්‍ය විචාරක ජනක ඉනිමංකඩ එම සංවාද කතිකාව මෙහෙයවනු ඇත.
සැමට ආරාධනා!

 (තවමත් පොත කියවා නොමැති අයට 30% ක වට්ටමක් සහිතව ලඬකා අක්ෂයෙන් එය මිළ දී ගැනීමට හැකිය. )

ජන ආන්දෝලන

ජන ආන්දෝලන
පොත ගැන සාකච්ඡාව
2010.08.19.
බ්‍රහස්පතින්දා හවස
06.30ට
ලංකා අක්ෂයේදී...
සුනිල් රණසිංහ සමග

ජන ආන්දෝලන

සුනිල් රණ සිංහ ලියූ "ජන ආන්දෝලන" පොත ගැන සාකච්ඡාවක් කිරීමට ලංකා අක්ෂය අදහස් කරනවා...‍ මේ පොත් පිංච පසුගිය සාකච්ඡාවකදීත් අවශ්‍ය යයි කියූ පිරිස අතර බෙදා හැරුණා...
අද්‍යතන දේශපාලනය, සමාජය හා රාජ්‍යය ගැන සංක්ෂිප්ත එහෙත් ගැඹුරු විග්‍රහයක් මේ පොතේ ඇතුළත්...
සාකච්ඡාව පැවැත්වෙන දිනය ඉක්මණින් දැනුම් දෙන්නම්......
(පොත අවශ්‍ය කෙනෙකුට ලංකා අක්ෂයෙන් එය ලබා ගත හැකියි...
නැත්නම් ඊ මේල් එකක් එවන්න....)

පිටස්තරයා කියවමු.


"..අම්මා නං නිතරෝම කියන කියමනක් තමයි. කිසිම කෙනෙක් කවම-කවරදාකවත් මුළුමනින්ම අසන්තෝසෙන් ඉන්නෙ නැතෙයි කියන එක. ආකාසේ පාට පාට වෙළා, තවත් නැවුම් දවසක් මගේ කුටියේ යකඩ කූරු අතරින් රිංගලා එනකොට, හිරේ ඉඳගෙනම මාත් ඇගේ කීම අනුමත කරනවා."

 Albert Camus ගේ L’Étranger (The Stranger or The Outsider *) කෘතිය ගැන කතාබහක් 2010 ජුලි 29 බ්‍රහස්පතින්දා සවස 06 ට ලඬකා අක්ෂයේ දී.


* පිටස්තරයා - සෝමරත්න බාලසූරිය, අමුතුම මිනිහෙක් - පියසිරි විජය සේකර

සැබෑ විනිශ්චයකරුවා පාඨකයාය

අක්ෂයේ තිබූ කැත්ලින් ජයවර්ධනගේ සත්‍යකාම පොත පිලිබද කතා බහේ අවසාන අවස්ථාවේදී ලංකාවේ සාමාන්‍ය සම්මාන ප්‍රදානයන් පිලිබදව සාකච්ඡාවක් ඇදුනි.
         එහි සිටි බහුතර මතය වුයේ සම්මාන ලබාදීම් සියල්ල දැන හැදුනුම්කම් වලට ලබා දෙන බව සහ ඒ වෙනුවෙන් වූ මාෆියාවක් ඇති බවයි. එය පාඨක ප්‍රජාවට හා විශේෂයෙන්ම නවක කියවන්නන් සදහා බලපාන අන්දම ගැනත් සාකච්ඡා වන ලදී.
        "සැබෑ විනිශ්චයකරුවා පාඨකයාය" යන තේමාව ඉන්පසු සාක්‍ච්ඡාවට බදුන් විය. එම  සාකච්ඡාව අවසානයේදී යම් කිසි "පාඨක සම්මානයක්" ලබා දිය යුතු යැයි කියන දෙය වටා කරකැවෙන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොත් කියවන්නන්ගේ කමෙන්ට්ස් හා තෝරාගත් පාඨකයින්ගෙන් (බහුතර පාඨක හරස්කඩක් ආවරනය වන ලෙස) සමන්විත විහාල කන්ඩායමකින් තෝරාගත් පොත් සදහා සුලුවෙන් හෝ සම්මානයක් දිය යුතු බවට යෝජනා විය. ඒ සදහා දැනට අන්තර්ජාලය සහ පවත්නා අනෙක් සන්නිවේදන තාක්ෂණික කටයුතු භායවිතා කරන්නට ද යෝජනා විය. මේ සදහා "කසෙන්ට් සෙන්ටර් එකක්" සකස් කල යුතු යැයි යෝජනා විය.
       මේ ආකාරයට 2009 වසරේ පළවු පොත් අතරින් මෙම ක්‍රමය යටතේ තේරෙන පොත් (නවකතා, කෙටිකතා, කවි. පරිවර්තන ) සදහා සම්මාන දීමට යෝජනා විය.
       මෙම යෝජනාව යම් ආකාර‍යකින් ස්ථිර විය.

  • මේ වන විට අප විසින් 2009 පලවු පොත් ඇතුලත් පුස්තකාල සේවා මණ්ඩලයේ මුද්‍රිත ලේඛණයක් ලබාගෙන ඇත.
  • කමෙන්ට්ස් සදහා ඊමේලයක් සකස් කර ඇත.
  • අක්ෂය මෙහි කැදවුම්කාර කාර්යභාරය සිදු කරයි.
  • මෙය සංවිධානය කිරීම සදහා සෑම දෙනාටම ආරාධනා කරනු ලැබේ. පලමුව යෝජනා එවන මෙන් ඉල්ලා සිටිමු.
  • දැනටමත් යම් පොත් සම්බ්න්ධයෙන් කමෙන්ට්ස් ඇත්නම් ඒවා ඊ මේලයට එවන මෙන්න ඉල්ලා සිටිමු. 
  • අපේ ඊ මේලය readers@ceylonaxis.org

සත්‍යකාම

අනිර්වචනීය වූ ආධ්‍යාත්මික ප්‍රේමයේ නාමයෙන්, පරිශුද්ධතාවයේ වෙස්මුහුණ පැලඳ, වංචනික සලෙළකුගේ භූමිකාව රඟදැක්වූ තමාගේ සියලු පාපකර්ම ගංගා නදියේ ශුද්ධ වූ ජලයෙන් දොවා හැරීමේ "මහා පූජාව" සඳහා ඔහු සැරසෙමින් සිටියේය.
"සලෙළ රැඟුම" නිමකල යුතු නිමේෂය සීඝ්‍රයෙන් ලඟාවෙමින් තිබුනි.
නාඳුනන කුරුල්ලා ගී ගයමින් ඔහු ඉදිරියෙන් පියාඹා ගියේ ඒ මොහොතේය.
තියුණු හීසරයක් වැනි මීමැසි තුඩක් නළලේ පිට සම දැදුරු කල අවස්ථාවද ඒම විණ.
මීමැසි රෑණක් තමා හඹා එනු දුටුවේ ඔහුගේ දෑසය. එහෙත් ස්වයංක්‍රීයව පණලබා තිබුනේ ඔහුගේ දෙපාය.

සෑහෙන දුරක් ඈතට දිව ගිය ඔහු විඩාබරිතව නතරවූයේ "මරණය" සොයාගිය තමා මීමැසි තුඩකට බියෙන් පලායාමේ අරුමය අත්දකිමිනි..

කැතලින් ජයවර්ධන එක්ක සත්‍යකාම කියවන්න ජූනි 22 අඟහරුවාදා හවස 6ට අක්ෂයට එන්න..

එන එකේ පොතත් කියවලාම එන්න.

දෙනේත්‍රා

නැදිමාලේ miniහෙක් ගේ, "දෙනේත්‍රා" කෙටිකතා පොත,
හඳුන්වා දීම ...
අප හෙක්ව හඳුනා ගැනීම..
හෙක් අපිව හඳුනා ගැනීම...
2010 මැයි මස 31 වන අවසාන දින..
සුපුරුදු පස්වරු 6.00ට
මරදාන
ලංකා අක්ෂයේදී..
(හෙක් දින කිහිපයකින් නැවත විදේශගත වේ...)
ඊට පෙර ඔහු හමුවෙමු...

වැඩි විස්තර
ධම්ම 0717583563

කොලරා කාලේ ආලේ...

ආලය අසීමිත විය හැකිද ‍
බොහෝවිට නැත එය වසංගත වලට
ගොදුරුවිය හැක යුද්ධවලට බිලිවිය හැක
එසේ නැත්නම් ආලය තුලම වන බොරු
වලවල්වල වැටී වල්මත් විය හැක

එහෙත් කවදා ආලය කලත්,
කොතැනක ආලය කලත්, ආලය කවදත්
ආලයම වන බව තේරුම් ගන්නට,
අවුරුදු
පනස්තුනකුත් මාස හතක් සහ දින රෑ
එකොලහක් බලා ඉන්නට ඔහුට සිදුවිය

යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය,
හැට පැන්න ආච්චිඅම්මා
කෙනෙකුගේ රැලි වැටුන මුහුණක් පසුපස
ඇති අතීතයක් තුලින් හාරා අවුස්සා ගන්නට
එලෙඹෙන පිරිමියා කවුරුද

ඒ, ඔහුය..
මේ, ඔහු සහ ඇය පිලිඹඳ කතාන්දරයයි....

එන්න ලඞකා අක්ෂයට ගාමිණී වියන්ගොඩ එක්ක  
කොලරා කාලේ ආලේ කියවන්න.....
මැයි 11 සවස හරියටම හයට 
එන එකේ පොතත් කියවලාම එන්න...

සිංහල ලිඛිත ව්‍යවාහාරයේ ව්‍යාකරණමය වෙනසක් අද අවශ්‍යද...?

සිංහල ලිඛිත ව්‍යවාහාරයේ ව්‍යාකරණමය වෙනසක් 
අද අවශ්‍යද...?
අවශ්‍යනම් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද..?
මේ ගැන මූලික අදහස් දැක්වීමකට අප ඇරයුම් කලා අජිත් තිලකසේන මහතාට....
ඔහුගේ අදහස් සංවාදයට විවෘතයි. 
2010 අප්‍රේල් 27 වන අඟහරුවාදා සවස 6ට ලංකා අක්ෂයට එන්න..

පශ්චාත් නූතනවාදයට දොරටුවක්

පුස්තකාලයක්

ලංකා අක්ෂය පුස්තකාලයක් ගැන සිහින මවමින් ඉන්නවා..
"පර්යේෂණ පුස්තකාලයක්" ඒක එහෙම වර්ධනය වෙනව නම් හොදයි.
ඒකට අදාලව මූලික අදහස් කිහිපයක් කතා වුනා.
පුස්තකාලයේ තියෙන්නේ පොත් විතරක් නෙවෙයි.
සීඩී, ඩීවීඩී, වෙබ් ලින්ක්ස්, බ්ලොග් ලින්ක්ස්, පිටපත්, අත් පිටපත්, ලීප්ලට්, චිත්‍ර වගේ දේවලුත් තියෙන්න පුලුවන්..
නව්‍ය අදහස තමයි.,
ඒ ඒ තැන්වල තියෙනු පුද්ගලික පුස්තකාල වල ඇති පොත් අපි වෙබ් මගින් අවශ්‍ය අයට දැනගන්න සලස්වමු කියන එක.
ඒකට අදාලව 15 වෙනිදා සාකච්ඡාවක් දාගත්තා ..
අප්ඩේට් වෙන දේවල් කියන්නම් මේ හරහා...
කාගෙත් උදව් ඕන වෙයි..
අපේ අදහස ලොකු පැතිරුණු පුස්තකාලයක්..
එහෙම වෙන්න හැම කෙනෙක්ම මේකට දායක වෙන්න වේවි..

Powered by Blogger